Chandika

HTML සිංහලෙන් Part 01(Introduction)

වෙබ් පිටුවක ආරම්භය හෝ එහි ඇතුළත් පිළිබදව නොදන්නා අය කොතෙක්ද ඇත. නමුත් මේ පිළිබදව කුතුහලයෙන් යුතු අයද ඇත. කෙසේ හෝ වෙබ් පිටුවක් යනු පොතක පිටුවක් වැන්නකි. යම් වෙනසකට ඇත්තේ එය අතින් ඇල්ලීමට නෙහැකි වීමයි. 

වෙබ් පිටු සෑදීමේදී යොදාගන්නා භාෂාවක් ලෙස HTML හැදින්වෙනවා. HTML යනු Hyper Text Markup Language යන්නෙහි කෙටි අරුතයි. 

HTML යනු programming language එකක් නොව එය markup language එකකි. 1989 දී Tim Berners Lee විසින් සකසන ලද්දකි.

Markup language එකක් යනු tags වලින් සමන්විත භාෂාවකි. 

HTML හිදී භාවිතා වන tags, html tags ලෙසට හදුන්වයි.  වෙබ් පිටුවක් යනු මෙම html tags වල එකතුවකිනි. 

මෙම html tags වලින් වෙබ් පිටුවකට අයත් තොරතුරු විවිධ වූ elements මගින් දක්වයි. මේව html elements වේ. HTML හිදී භාවිතා වන විවිධ elements වර්ග ඇත. අපට අවශ්‍ය පරිදි වෙබ් පිටුව හසුරුවා ගැනීමට මෙම elements යොදාගත හැකිය. 

Web Browsers වලට මෙම html කේත කියවා එම විධානයන්ට අනුව වෙබ් පිටුව නරඹන්නාට හෝ එය භාවිතා කරන්නාට පහසුවෙන් දත්ත හා තොරතුරු ලබා ගත හැකි වන සේ සකස් කර දීමේ හැකියාව ඇත. එනම් html tags කියවා එම අනුපිළිවෙලට සකස් කර වෙබ් පිටුව සැකසීමට හැකියාවක් web browser එක සතු වේ.

මීලග ලිපිය ==>> Click Here